Friday, November 9, 2018

ජපන් භාෂාව ඉගෙනගමු

   මුලින්ම අපි ජපානය ගැන විස්තර ටිකක් දැනගෙන ඉමු...

    ජපානය කියන්නේ මොනවගේ රටක්ද....
   
                                                                                                                      

                   ජපානය කියන්නේ පැසිෆික් සාගරයේ නැගෙනහිර ආසියානු වෙරළට ඔබ්බෙන් පිහිටි දූපත් සමූහයකි.එයට ආසන්නව පිහිටා ඇති රටවල් නම්  රුසියාව,චීනය සහ කොරියානු ජනරජයයි.ජපන් රාජ්‍යය නිර්මානය වී ඇත්තේ දූපත් 6800කට අදික ප්‍රමානයකි.මෙයින්  බොහෝ දූපත් ඉතා කුඩාය.

                                                                  ජපන් රටේ 98% ක භූමි ප්‍රමානයක් විශාල දූපත් 04කට සීමා වේ.ඒවානම්  හොක්කයිඩෝ ,හොන්ෂු ,ෂිකොකු හා කියූෂු වේ.ජපානයේ මුලු භූමි ප්‍රමානය වර්ග කිලෝමීටර 378,000ක් වේ.

                        ජපානයේ දූපත් දික් අතට පිහිටීම නිසා කාලගුන විශමතා බෙහෙවින් ඇතිවේ.සෘතු වෙනස්වීම් අනුව කාලගුනයද වෙනස් වේ. "හරු" නැමැති වසන්ත කාලය මාර්තු මාසයේදී උදා වෙනවාත් සමගම ගහකොල මලින් බරවී තරමක උනුසුම් තත්වයක් කෙමෙන් හටගනී.වසන්ත සෘතුවෙන් අනතුරුව මැයි මස සිට සැසැප්තැම්බර් මුල් කාලය තෙක් "නත්සු"නැමැති ග්‍රීෂ්ම සෘතුව පවතී.ග්‍රීෂ්ම සෘතුව මුල් කාලය අව්ව සහිත උනුසුම් තත්වයක්  පවතී.ග්‍රීෂ්ම සෘතුවෙන් පසුව එලබෙන්නේ "ත්සුය" නැමැති වර්ෂාවෙන් බර සෘතුවයි.ග්ග්‍රීෂ්ම සෘතුවේදී හෙක්කයිඩෝ ප්‍රාන්තය හැර මුලු ජපානයේම උනුසුම් හා ආර්ද්‍රතාවය සහිත සෞම්‍ය දේශගුනයක් පවතී."මනත්සු"නමින් හැදින්වෙන අගෝස්තු මස මැදභාගයේදී උනුසුම් උවත් පැහැදිලි කාලගුණයක් ඇත."අකි"නම් සරත් සෘතුව සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලයේ වේ.මෙම සෘතුව වියලි සහ ශීත දේශගුණයකින් යුතුය.නොවැම්බර් අග සිට පෙබරවාරි වනතෙක් "ෆුයු"නම් ශීත සෘතු වේ.

   සුදු පැහැති පසුබිමෙහි රතු වෘත්තයක් සහිත සහිත ජපන් කොඩිය "හිරුනොමරු" නමින් හැදින් වේ.ජපානයේ අගනුවර ටෝකියෝ වේ.
  

        

No comments:

Post a Comment