にほんご
(nihongo)
ජපන් භාෂාව
ජපන් භාෂාවේ හෝඩි 03 කි.එනම්,
01.ひりがな - hiragana - හිරහනා
02. かたかな - katakana - කතකනා
03.かんじ - kanji - කන්ජි
* හිරගනා සහ කතකනා හෝඩියේ 02 අක්ෂර 104 කි.එම අක්ෂර 104 නිර්මාණය වී ඇත්තේ,
ප්‍රධාන අක්ෂර 46
තෙන්තෙන් 「"」 20
මරුඉ 「.」 05
බැදි අකුරු 33
හිරගනා හෝඩිය
කතකනා හෝඩිය
ඉහත ඇත්තේ හිරගනා හෝඩියේ සහ කතකනා හෝඩියේ ප්‍රධාන අක්ෂර 46 යි.
තෙන්තෙන් අක්ෂර සෑදෙන්නේ ප්‍රධාන අක්ෂර වල දකුනුපැත්තේ ඉහලින් තෙන්තෙන් 「"」 යෙදීමෙන්ය.
උදා:- か (ක) → が (ග)
ප්‍රධාන අක්ෂරයක් වන は (හ) අකුරින් උච්චාරණය වන අකුරුවලට මරුඉ 「.」 යෙදීමෙන් ぱ (ප) අක්ෂර සාදාගැනීමට හැකි වේ.
බැදි අකුරු සෑදෙන්නේ や (ය) ゆ (යු) よ (යො) උපයෝගී කරගෙනයි.ඒ සදහා ප්‍රධාන අක්ෂර වල 02වෙනි අකුර යොදා ගනී.
උදා:- き (කි)→ きや (ක්‍යා)
き (කි)→ きゆ (ක්‍යු)
き (කි)→ きよ (ක්‍යෝ)
ජපන් හෝඩියේ " ල " අකුර නොමැත. "ල" අකුර වෙනුවට භාවිතා කරන්නේ "ර " අකුරයි.හල් අකුරක් ලියන විට "චීසයි ත්සු " (っ) කුඩාවට ලියනුලබයි.හල් නයන්න (න්) සහ "ං " ලියනවිට පමනක් 「ん」 (න්) අකුර ලියනු ලබයි.
ජපන් අකුරු ලිවීමේදී ඉරි කැබලි ලිවිය යුත්තේ වමේ සිට දකුනටය.
කතකනා භාවිතා කරනුයේ වෙනත් රටවල් වල පුදගලයන්ගේ නම්,ගම්,වැනි ජපානයට ආවේනික නොමැති ජපානයෙන් පිට සියලුම දේ ලිවීම සදහාය.හිරගනා භාවිතා කරනුයේ ජපානය තුල සියලුම නම් , ගම් වැනි දේ ලිවීමටය.කන්ජි යනු රූපාක්ශර වේ.මෙම කන්ජි ජපානය විසින් භාවිතා කරන්නේ චීනයෙන් ලද ආභාශයක් ලෙසටය.ප්‍රධාන ස්ථාන , නගර වැනි දේ කන්ජි වලින් ලියනු ලබයි....
ඊලග පාඩමින් ජපන් වාක්‍ය ලිවීමට හා කතාකිරීමට අවශ්‍ය වන "joshi" (නිපාත)ඉගෙනගනිමු.
No Deposit Bonus Casinos 2021 - Win Real Money at US
ReplyDeleteWe list 10 best casinosites.one online 토토 casinos herzamanindir.com/ with no deposit bonuses in the US. Find the best USA no wooricasinos.info deposit bonus codes and get your free spins https://jancasino.com/review/merit-casino/